gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගාල්ලේත් කොරෝනා එන්නත් මොරටු ක‍්‍රමවේදයටමයි.. ඉගෙන ගත්ත සත්තු ඒකට විරුද්දයි - සම්පත් අතුකෝරාල

කොරෝනා එන්නත්කරණය දී ගාල්ලේදී ක්‍රියාත්මක කළේ මොරටුවේ සිදු වූ ක්‍රමවේදය බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා සඳහන් කරයි.

එය ඉදිරියේදී මුළු දිස්ත‍්‍රික්කය පුරාම ක‍්‍රියාත්මක කරවන බවද ඔහු පවසයි.

නමුත් මෙම ක‍්‍රමයට අකමැති බලධාරීන් පිරිසක් සිටින බවත් ඔවුන් සැබැවින්ම ඉගෙනගත්ත සත්තු බවත් ඒ මහතා කියා සිටියි.

මේ බව පවසමින් ඔහු විමින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

ගාල්ලේ ක්‍රියාත්මක කලේත් මොරටුව ක්‍රියාත්මක කල ක්‍රමවේදය මයි..

වීදියෙන් වීදිය වෙලාව වෙනස් කරලා සෙනග පොදි ගැහෙන්නේ නැති විදියට ටෝකන් බෙදලා පිරිස කැදවලා එන්නත් ලබා.මොරටුව නගර සභාවත් වීදියෙන් වීදිය ටෝකන් බෙදල දුන්නේ.ගාල්ලේ මඩපාතල කිසි කලබලයකින් තොරව ජනතාව අවශ්‍ය කාර්‍ය කර ගත්තා.ඒත් මොරටුව ඒක විවේචනය කරන්නඅවස්ථාවක් කර ගත්තා.

ටෝකන් එකට නියමිත වෙලාවට අදාල නැති අය පෝලිමේ ආවට විදින්නේ නැතුව විනයක් ඇතුව කරන්න හොද මිනිස්සු ඉන්න ඕනේ.

Covid 19 වයිරසය සදහා අද දින ගාල්ල දිස්ත්‍රික්කයේ Sinopharm එන්නත්කරණය ආරම්භ කෙරිණි.
පෝළිම් වල රැදී සිටීමට අවශ්‍ය තාවයක් නැත. ඉදිරියේදී ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශ සදහා මෙම වැඩපිළිවෙල දියත් කිරීම සදහා උපදෙස් ලබාදෙන ලදී..

එය ආරම්භය වශයෙන් සිදුකලේ ගාල්ල කඩවත් සතර ප්‍රා.ලේ කාර්යාලයට අයත් මඩපාතල ග්‍රාම නිලධාරී කොට්ඨාසයෙන්‍ විය. 1,000කට අදික පිරිසකට අද දින එන්නත්කරණය කිරීමට කටයුතු සංවිධානය කර තිබිණි.

පසුගිය සතියේ online register වන ලෙස දැනුවත් කල අතර,register වූ අයට vaccination එක සදහා පැමිණිය යුතු වේලාව සහ ස්ථානය සදහන් කර කෙටි පණිවිඩයක් ලැබිණි.

අද දින එම ස්ථානයට ගිය පසු කෙටි පණිවිඩය හමුදා නිලධාරීන් විසින් පරීක්ශා කර තමන් පැමිණිය යුතු වේලාව නිවැරදිව පැමිණ සිට ඇත්නම් පමණක් vaccination එක සිදුකල ශ්‍රී පරමානන්ද පන්සල් භූමියට ඇතුල් කරගන්නා ලදී.

තමන්ට අදාල වේලාව නිවැරදිදැයි හමුදා නිලධාරීන් පරීක්ශා කර බලා ඇතුලත් කරගන්නා නිසා කිසිදු පෝලිමක රස්තියාදු නොවී විනාඩි 5ක් ගතවීමටත් ප්‍රථම එන්නත සිදුකරගෙන නැවත පැමිනීමට සියල්ලන්‍ටම හැකියාව ලැබෙනු ඇත..

හැබැයි ගාල්ලෙත් සාකච්ඡා දෙකකදි තීරණය කරනවා කොවීඩ් මරන ආදාහනය කරන ප්‍රාදේශීය සබා සනීපාරක්ෂක කම්කරුවන් හා අදාහනාගාර සේවකයන් වගේම සියලු කාරනා වලදි ජනතාව සමග සම්බන්ධ වන ග්‍රාමනිලදාරීන් ඇතුලු ක්ශේත්‍ර නිලධාරීන් එන්නත් කිරීමට .අවාසනාවන්ත ලෙස අද උදෑසන වෙද්දි සියලු මහජන නියෝජිතයන් ඒ සදහා සූදානම් වෙද්දි මෙහෙයුම් නිලධාරීන් එන්නත් නිකුත් කිරීම තහනම් කරනවා.අවසානයේ ඒ වෙනුවෙන් දොස් නගන්නේ මන්ත්‍රීවරුන්ට.

මොරටුව නගරසභාව වීදියෙන් වීදිය වෙලාව ලබා දී පිරිසට ටෝකන් දුන්නත් ඒකට අකමැති බලධාරීන් ඉන්නවා උන් ඇත්තටම ඉගෙන ගත්ත සත්තු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka