gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනාවට බියෙන් ඉන්දියානුවන් මන්නාරමට පැන එති

ඉන්දියාවේ පවතින දඩි කොරෝනා අවධානම හේතුවෙන් ඉන් බේරීමට මන්නාරමට ඇතුල් වීමට උත්සහ දැරූ ඉන්දීය ජාතිකයින් 40 දෙනෙකු රැගත් යාත්‍රා 4 ක් ආපසු ඉන්දියාවටම යැවීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය. ඉන්දියාවේ පවතින කොරෝනා අවධානම හේතුවෙන් උතුරු, උතුරු මැද නාවික විධානය විසින් සිදුකරන ලද සෝදිසි මුර සංචාරයන් අතරතුරදී මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයේදී ඉන්දීය ධීවර යාත්‍රා යොදාගනිමින් ධීවරයින් ලෙසින් පැමිණි පුද්ගලයින් 40 දෙනෙකු මන්නාරමට ඇතුල්වීමට ගත් උත්සහයක් නවතා දැමීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

පැය 24 පුරාවට මුහුදු සීමාවේ ආරක්ෂාව තර කොට ඇති අතර මන්නාරම් මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට පත් ඉන්දීය ජාතිකයින් පිළිබඳව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ ඉන්දීය වෙරලාරක්ෂක බලකායට දැනුම් දී ආපසු යැවීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka