gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සතියක් ඇවිළුණු එක්ස්ප්‍රස් පර්ල් ගින්න පාලනය කෙරේ !

කොළඹ වරායට ආසන්නයේ ගිනි ගනිමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න තරමක් දුරට පාලනය කර ඇතැයි නාවික හමුදාව පවසනවා. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද ඒ බව තහවුරු කරමින් පවසන්නේ නෞකාවේ ගින්න සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි. නෞකාවෙන් සුදු දුමාරයක් ඉහළට නගිමින් ඇතත්, එය රත්වූ යකඩ මතට ජලය ඉසින විට හටගන්නා වාෂ්පය බවට පවසා තිබෙනවා. ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුම වැඩි ජවයකින් ක්‍රියාත්මක බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ. 

මේ අතර ගිනි ගැනීමට ලක්වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පරීක්ෂා කිරීම සඳහා නෙදර්ලන්ත පර්යේෂකයින් කණ්ඩායමක් යොමු කර තිබෙනවා. 06 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායම අද නෞකාව ආශ්‍රිත ප්‍රදේශයට ළගා වුණේ වැඩිදුර නිරීක්ෂණයන් සඳහායි. 
මෙම නෞකාව ගිනි ගනිමින් ඇත්තේ කොළඹ වරායට නාවික සැතපුම් 09 යි දශම 5 ක දුරින්. පළමුවරට ගින්න හට ගැනුණේ ඉකුත් 20 වනදායි. දිගින් මීටර් 186 ක් හා පළලින් මීටර් 34 ක් වන මෙම නෞකාව පුරා මේවනවිටත් ගින්න පැතිර ගොස් අවසන්. ගින්න නෞකාවේ පාලක මැදිරියට හා ඉන්ධන ගබඩා වෙත ද පැතිර ගොස් ඇති බවටයි ප්‍රකාශ කෙරුණේ. ගින්නෙන් මේවනවිටත් නැව් තට්ටුවට සම්පූර්ණයෙන්ම හානි වී අවසන්. 

ගින්නත් සමග මේවනවිට අවදානම් 02 ක් මතුව තිබෙනවා. යම් හෙයකින් නෞකාව පිපිරී එය කොටස් දෙකකට වෙන්වුවහොත්, නෞකාවේ ඇති ඉන්ධන ටොන් 300 කට ආසන්න ප්‍රමාණය සම්පූර්ණයෙන්ම මුහුදට එක්වීමේ අවදානමක් පවතිනවා. ඉන්ධන ගිනි ගැනීමට ලක්වුවද, ඉන් සියයට 50 ක ඉන්ධන සාගර ජලයට එක්වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. පවතින තත්ත්වය හේතුවෙන් මෙරට වෙරළ තීරයට, සාගර පද්ධතියට, මසුන් ඇතුළු සාගර ජීවීන්ට, කොරල් පර පද්ධතියට කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කලීන හානි සිදුවිය හැකි බවට දැනටමත් විශේෂඥයින් මත පළ කර අවසන්. මේවනවිට උත්සහ දරමින් ඇත්තේ එම හානිය අවම කර ගැනීමටයි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka