gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීනයට ජනගහන අවශ්‍යතාව වැඩි වෙයි - සීමා ලිහිල් කරමින් පවුලකට දරුවන් තිදෙනෙක් දක්වා වැඩිකරගැනීමට රජයෙන් අවසර !

වැඩි වන ජනගහනය පාලනය කරගැනීම සඳහා චීනයේ පවුලක සිටිය යුතු දරුවන් ගණන දෙකක් දක්වා නීතිමය වශයෙන් සීමා කර තිබුණු අතර මේ වන විට එරට ජනගහණ අවශ්‍යතාවය මත එම සීමාව ලිහිල්කර තිබේ. 

ඒ ආණූආ පවුලක සිටිය යුත්තේ දරුවන් දෙදෙනකු බවට පනවා තිබුණු නීතිය ලිහිල් කර එය දරුවන් තිදෙනෙකු දක්වා වැඩිකරගැනීමට අවසර දී ඇත. 

ජනාධිපති ෂි ජිං පිං ප්‍රමුඛ දේශපාලන මණ්ඩලය රස වී එම තීරණය ගෙන ඇත්තේ දශකයකට පසු ජන සංගණන වාර්තා පදනම් කරගෙනය. 

ගෙවුණු දශකය තුළ එරට ජනගහන වර්ධනයේ මන්දගාමී බවක් පෙන්වා ඇති බවත් එම වර්ධන වේගය 0.53%ක් වැනි අඩු අගයක් ගැනීම නිසාත් චීන රජය සිය ජනගහනය වැඩිකරගැනීම සඳහා පවුලකට දරුවන් තිදෙනෙකු එක්කර ගැනීමේ අවස්ථාව ලබා දී ඇත. 

මේ වන විටත් චීනයේ ජනගහනය බිලියන 1.4 (1,444,388,098) අභිබවමින් තිබේ.  


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka