gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ගොඩහේවා කියන විදිහට නැවේ සංදර්ශන බලබල අපිට ඉන්න බැහැ" - පුබුදු ජාගොඩ

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා කියන ආකාරයට මේ නැවෙන් සිදුවන හානි ගැන කතාකර කර නැවෙන් පාවෙන දේ ගැනීමට කටයුතු කරනු ලබන මිනිසුන් අත්අඩංගුවට ගැනීමේ සංදර්ශන බල බල සිටිය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා කියා සිටී.
 
ඔහු මේ බව කියා සිටියේ කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේදී X-Press Pearl නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආවේගාත්මක ප්‍රකාශක් සිදුකරන ලද ගොඩහේවා මහතාගේ ප්‍රකාශක් විවේචනය කරමිනි.
 
මෙහි ප්‍රධාන අපරාධකරුවන් නැවෙන් පාවී එන් කෑලි අහුලන අය නොවන බවත්, මෙහි ප්‍රධාන අපරාධකරුවන් වන්නේ කටාර්වලින් හා ඉන්දියාවෙන් ප්‍රතික්ෂේප කළ නැව ලංකාවට එන්න ඉඩදුන් අය සහ මේ නැව ගිනිගන්නා අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් මැදිමහත් නොවී සිටිනා ආණ්ඩුවේ බලධාරීන් බවයි.
 
ගොඩහේවා මොකද කිව්වේ
 
නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අද (27) මීගමු වෙරළ තීරයේ පවිත්‍රා කටයුතු නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී ”හැම තිසේසෙම වරදක් හොයන්න උත්සාහ කරන්න එපා. මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට කියන්න වැදගත් ප්‍රවෘත්ති තියෙනවා. කියන්න මිනිස්සුන්ට ආරක්ෂා වෙන්න කියලා. කියන්න මිනිස්සුන්ට මේ වා අතපත ගාන්න එපා කියලා, අහිතකර බව කියන්න ජනතාවට වැදගත්වෙන්නේ ඒවා අපේ අරමුණ ජනතාව වෙනුවෙන් වෙරළ ආරක්ෂා කර ගැනීම. ඒ සදහා විශාල වැඩපිළිවෙළක් සකස් කරලා තියෙන්නෙ, වරද හොයන එක මගේ කාර්ය නොවෙයි.. අදාළ අය හොයලා බලාවි” යැයි නිව්ස්ෆස්ට් මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට ආවේගශීලී පිළිතුරක් එල්ල කළේය.
 
 මේ නැව මෙරට මුහුදට පැමිණීමට පෙර ජාත්‍යන්තර වරායන් 2ක් එය ප්‍රතිකේෂප කර ඇති ශ්‍රී ලංකා මිරර් අද පෙරවරුවේ වාර්තා කළ අතර ඒ සඳහා ගොඩහේවා මහතාගේ පිළිතුරවූයේ නිත්‍යනුකූල ගමනක් ගිය නැව ගැන සමාජ මාධ්‍යන්හි පළවන වාර්තා එකවර විශ්වාස කළ නොහැකි බවයි.
 
 මේ නැව ඉන්දියාවේ ගුජරාටිවල සිට සිංගප්පූරුව බලා යන ගමන් බවත්  මෙහි ලංකාවේ ගොඩබෑමට බහාලුම් 12ක් පමණ තිබූ බවද ඔහු කියා සිටියේය.
 
නැවේ තිබුණේ මොනවාද?
 
මේ නෞකාවේ බහාලුම් 1,486 ක් රැගෙන යමින් තිබූ බවත්, ඒ අතරේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් අඩංගු කන්ටේනර් කීපයක් ද ඇතුළත්ව තිබූ බවත් එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂ ටිම් හාර්ට්නොල් මහාතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

මගේ අවධානය වෙරළ ආරක්ෂා කිරීමයි
.
තව ද මේ අවස්ථාවේ වෙරළ ආරක්ෂා කර ගැනීම ගැන සිය අවධානය යොමු වී ඇති බව සහ ඉතිරි කටයුතු අනෙකුත් ආයතන විසින් සොයා බලනු ඇති බව ද නාලක ගොඩහේවා මහතා අවධාරණය කර සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka