gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල බලය අපිට දෙන්න මාසෙන් කොරෝනා පාලනය කරන්නං - හෙක්ටර් අප්පුහාමි

කෙ‍ාරෝනා වසංගත තත්වය මාසයක් ඇතුළත පාලනය කිරීමේ සැළැස්මක් සමගි ජන බලවේගය සතු බව එම පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. හලාවත ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අදාල සැළැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු‍වල සභාපති ධුරය සියලු බලතල සහිතව සමගි ජන බලවේගයට ලබාදිය යුතු බවයි ඔහු පවසන්නේ. ඒ හැර වාහන, මුදල් හෝ වෙනත් කිසිදු වරප්‍රසාදයක් හෝ පහසුකම් අවශ්‍ය නොවන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

එම බලතල ලැබෙන්නේ නම් රාජ්‍ය යාන්ත්‍රණය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග එක්ව වසංගත තත්වය සමනය කිරීමට සමගි ජන බලවේගය සමත් බව ඔහු වැඩිදුරටත් පවසනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka