gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විනෝද ගමන් තහනම්! - අත්‍යවශ්‍ය සේවාවලට රාජකාරි හැඳුනුම්පත

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 දක්වා පළාතෙන් පිට විනෝද ගමන්, සති අන්ත චාරිකා තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පළාතෙන් පිට පදිංචි පුද්ගලයින්ට හෝටල්වලට නවාතැන් නොදෙන ලෙසටද උපදෙස් දී ඇති බවය.

සෑම පළාත් මායිමක් අසලම පොලිස් නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාව ද යොදවා ඇතැයි පැවසු ඒ මහතා, ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේය.

මේ අතර පළාත් මායිම්වල සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ සේවය ඉටුකිරීමට ජනතාවගේ සහය උපරිමයෙන් බලාපොරොත්තු වන බවද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සේවා ආයතන සඳහා පැමිණෙන පුද්ගලයින් වෙනුවෙන් බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොකරන බව ද පැවසීය.

කෙසේනමුත් යම් ප්‍රදේශයක් හුදකලා කර ඇත්නම් එම ප්‍රදේශයේ අයට සම්පුර්ණයෙන් ම සංචරණය තහනම් වන බව ද ඒ මහතා කියා සිටියේය.

අත්‍යවශ්‍ය සේවා සඳහා රාජකාරි හැඳුනුම්පත 

අත්‍යවශ්‍ය සේවා රාජකාරි සඳහා පළාත් අතර සංචරණය කිරීමේදී සිය රාජකාරි හැඳුනුම්පත අවසර පත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.

පොලිසියට නිවාඩු නෑ

මේ අතර පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද සිට මැයි 31 වැනිදා දක්වා අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

හුදකලා කර නොමැති ප්‍රදේශයක සිටින පොලිස් නිලධාරීන් සියලුදෙනා රාජකාරියට වාර්තා කළ යුතු බවත්, යම් නිලධාරියෙක් හුදකලා කළ ප්‍රදේශයක සිටී නම් හුදකලාභාවය අවසන් වන තුරු රාජකාරියට වාර්තා කළ යුතු නැති බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka