gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාමසාන් කලින් තිබුණා නං කලින්ම රට වහනවා, ආණ්ඩුව තීරණ ගන්නෙ වර්ගවාදය අනුව - මුජිබර් රහුමාන්

සිංහල - දෙමළ අවුරුදු උත්සව ස‍මයේදී අවම වශයෙන් පළාත් අතර සංචරණ සීමා හෝ පැනවීමට කටයුතු කරන ලෙස වෛද්‍ය විශේෂඥයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිගින් දිගටම ඉල්ලා සිටි නමුත් ඊට කන්දීමට ආණ්ඩුව සූදානම් නොවූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අද වනවිට 2000 ඉක්මවන ආසාදිතයන් පිරිසක් දිනපතා වාර්තා වන තත්වයට වසංගතය දරුණු වී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

එදා වෛද්‍ය විශේෂඥයන් ලබාදුන් උපදෙස් පිළිපදිමින් සංචරණ සීමා පැනවීමට කටයුතු කළේ නම් මෙවැනි අවාසනාවන්ත තත්වයක් උද්ගත නොවන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

එදා එසේ කටයුතු කළ ආණ්ඩුව අද රාමසාන් දිනය එළඹෙද්දීම රට සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති බව පෙන්වා දෙන මුජිබර් රහුමාන් මහතා පෙන්වා දෙන්නේ සිංහල අවුරුද්දට පෙර රාමසාන් සමය එළඹියේ නම් ආණ්ඩුව ලොක්ඩවුන් කිරීමට කටයුතු කරන බවයි.

ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ, සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස් හෝ අනතුරු ඇඟවීම් මත නොව වර්ගවාදය, ජාතිවාදය, ආගම්වාදය මත බවයි ඔහු පවසන්නේ. එදා මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින්, කොවිඩ් මළසිරුරු භූමදානය කිරීමට ඉඩ නොදුන්නේද ආණ්ඩුව වර්ගවාදී තීන්දු තීරණ නිසා බවයි මුජිබර් රහුමාන් මහතා සඳහන් කරන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka