gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දීඝවාපියේ කැණීම්වලින් ඉපැරණි බරණීයක් හමුවේ

දීඝවාපී රජමහා විහාරය ආශ්‍රිත භූමිය තුළ සිදු කළ කැණීම්වලින් ‘බරණීයක් සහ ගොඩනැගිල්ලක අවශේෂ’ හමුවූ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කරයි.

ඓතිහාසික දීඝවාපී රජමහා විහාරය ආශ්‍රිත භූමියේ නව ඉදිකිරීම් කිරීමට පෙර, මෙම ස්ථානය ආශ්‍රිතව පුරා වස්තූන් තිබේද යන්න පිළිබඳව සිදුකළ වැඩිදුර කැණීම් කටයුතුවලින් මෙම බරණිය හමු වී ඇත.

මෙම බරණීය මැටියෙන් නිර්මාණය කර තිබෙන අතර එහි ගර්භය ඇතුළත පස්වලින් පිරි ගොස් තිබේ. මෙම පස් වැඩිදුර විශ්ලේෂණය කිරීම සඳහා යොමු කර ඇති බවත් බොහෝ විට මෙම  බරණීය තුළ  ධාන්‍ය වර්ග,ඖෂධ හෝ පටපිළි ගබඩා කර තිබෙන්නට හැකි යැයි සැක කළ හැකිබවත් මනතුංග මහතා පවසයි.

සොයා ගන්නා ලද ගොඩනැගිලි අවශේෂ පිළිබඳව හා දීඝවාපී චෛත්‍ය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව සොයා බැලීමේ කටයුතු මේවන විටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.

මෙම පුරාවස්තූන් හමුවීමත් සමඟම දීඝවාපිය ආශ්‍රිත භූමියේ තවතවත් පුරාවස්තූන් තිබෙන බවට සාධක ඔප්පු වී ඇති හෙයින් භූමිය තුළ ගවේෂණ කටයුතු ඉදිරියටත් සිදු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ අනුව පුරාවිද්‍යා කැණීම් සිදු කෙරෙන වෙනත් ස්ථානවලද අලුතින් ඉදිකෙරෙන ඉදිකිරීම්වලට ප්‍රථම කැණීම් කටයුතු සිදු කෙරෙන බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග වැඩිදුරටත් සඳහන් කරයි.

කැණීම් ස්ථාන භාර නිලධාරී එම්.කේ.සේනක චන්ද්‍ර කුමාර,කැනීම් සහාකාර එල්.ටී.ජී.ආනන්ද,කැනීම් හා කෞතුකාගාර ශිල්පීන් වන ඩබ්.එම්.පී.ඩබ්.කුමාර, එස්.එච්.එන්.වික්‍රමආරච්චි, ඩබ්.එස්.රුද්‍රිගු,පී.ජී.එන්.ජයවීර, පින්තාරුකරු එස්.එස්.සෙනවිරත්න, අභ්‍යාසලාභී උපාධිධාරී පී.ආර්.අසංක බුද්ධිකසිරි යන මහත්වරුන් මෙම කැණීම් සඳහා දායක වී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka