gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා මෘතදේහ මෝචරියේ ගොඩගැසේ.. ආදාහනාගාර දුෂ්කරතා…

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගතවූ සතියක කාලයේදී කොවිඩ් මරණ 10 ක් සිදුව තිබෙන බවත් මෙම දේහයන් ගොඩ ගැසිම නිසා වෙනත් මරණ භාර ගැනීමට පැමිණෙණ ජනතාව හා කාර්‍ය මණ්ඩලය දැඩි අවධානමකින් කටයුතු කරන බවත් හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි.

මෙම දේහයන් ආදාහනය කිරීමට මහයියාව අදාහනාගාරයෙන් කාලය ලබා ගැනීමේදී මතුවන දුෂ්කරතා නිසා මළ සිරුරු කිහිපයක්ම රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගණන් තබා ගැනීමට සිදුවීම නිසා මෙම සෞඛ්‍ය තර්ජන මතුව ඇතැයි ද කඩිනමින් මෙම දේහයන් ආදාහනය කිරිම සඳහා සුදුසු ක්‍රියා මාර්ගයක් ගත යුතුව ඇතැයිද මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි.

කෝවිඩ් ආසාදිතව මිය ගිය මෘත ශරිර විෂබීජ පිටතට නොයන සේ තැන්පත් කර ඇතත් එම මිය ගිය ඥාතින් අයගේ ඥාතින් මරණ පරික්ෂණ කටයුතු වලට රොක් විම නිසා කොරෝනා අවධානම මත කටයුතු කිරිමට මෘත ශරීරාගාරයේ කාර්ය මණ්ඩලයට සිදුවි ඇති බවද ඒ මහතා පැවැසිය.

රෝහලේ මෘත ශරිරාගාඑයේ දේහයන් තැන්පත් කිරිමට ඉඩ ඇත්තේ සිමිත ගනනකට බවත් දේහයන් ගොඩ ගැසිම නිසා ඉදිරියේදි ගැටගුකාරි තත්වයක් උදාවනු ඇතැයිද එමනිසා ගොඩගැසි ඇති දේහයන් ආදාහනය කිරිමට කඩිනම් ක්‍රියා මාර්ගයක් ගත යුතු බවද ඔහු පැවසිය.

– ADA
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka