gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එන්නත් ගනුදෙනුවක් ගැන රාජිතගෙන් හෙළිදරව්වක්! දොස්තර ගුණසේන උත්තර දුන්නොත් රටට හොඳයි

කිසිලෙසකින්වත් පෞද්ගලික අංශයට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමක් සිදුනොකරන බවට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වෙත සිංගප්පුරුවේ ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් ලිපියක් යොමුකර ඇති අතර ඒ අනුව ප්‍රසන්න ගුණසේන මහතා විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ගෙන්වීමේ පෞද්ගලික ඒජන්සිය ඉල්ලා සිටියේ කවුරු වෙනුවෙන්ද යන්න හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.

අද (28) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සේනාරත්න මහතා පෙන්වාදුන්නේ කොවිඩ් එන්නත්කරණය ව්‍යාපාරයක් බවට පත්කරගැනීමට වෑයමක් ඇති බවයි. 

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වෙත දැනුම් දී ඇත්තේ දැනට එම එන්නත සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රජයන් සමඟ හා ජාත්‍යන්තර පිළිගත් සංගම් සමඟ පමණක් වන බවත් පෞද්ගලික අංශයට විකිණීමක් හෝ බෙදාහැරීමක් සිදුනොකරන බවත් යන්න සේනාරත්න මහතා සඳහන් කරන ලදී. 

පවතින තත්ත්වය අනුව යම් කිසි අයුරකින් පෞද්ගලික අංශය විසන් මෙම එන්නතා ලබාගෙන බෙදාහැරීමට කටයුතු කරනේ නම් එය ඉතා නරක බවත් එයට විරුද්ධ බවත් ඒ ගැන වාර්තා කරන බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාව ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් දැනුවත් කර ඇත. 

” අපි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදෙන්නේ කොවැක්ස් එකෙන්,යුනිසෙෆ් එකෙන් ඉන්දියාවේ සීරම් ආයතනය හරහා පමණයි. එම සමාගමෙන් ප්‍රසන්න ගුණසේන මැතිතුමාට මේක ලියන්නේ මොකද, කවුද මේ පෞද්ගලික ඒජන්සියක් ඉල්ලලා යැව්වේ. පුද්ගලික සමාගමකට මේ එන්නතේ ඒජන්සිය දෙන්න කියල කවුද ඉල්ලුවේ,වහාම අපිට උත්තර දෙන්න. ප්‍රසන්න ගුණසේන මහත්තයා මාධ්‍ය වෙත ඇවිල්ලා අමූලික බොරු කියන්නේ. එතුමා දන්න එන්නත්කරණයක් නැහැ. එතුමා හිටියේ පුද්ගලික අංශයේ. එන්නත්කරණයට එතුමා කවදාවත් සම්බන්ධ වෙලා නැහැ..”

ඒ නිසා මෙම ගණුදෙනුව පිටුපස සිටින අය කවුද කියා ප්‍රසන්න ගුණසේන මහතා විසින් හෙළිකළ යුතු බව රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.  


ඇස්ට්‍රසෙනෙකා සමාගමෙන් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වෙත එවන ලද පිළිතුරු ලිපිය පහත දැක්වේ



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka