gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොවිඩ් කියලා අපට රට වහගෙන ඉන්න හැකියාවක් නැහැ. ආර්ථිකය ගැනත් හිතන්න ඕනෑ - අගමැති

කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසාගෙන සිටීමේ හැකියාවක් නොමැති බවත් වෛරසයට එරෙහිව සටන් කරන අතරේම ජනතාවගේ ආර්ථික තත්වය ගැන ද සලකා බැලිය යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

"අපි මේ ආරම්භ කරන්නෙ මේ රටේ හත්වෙනි අධිවේගී මාර්ගය. රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරන්න අපි සැලසුම් කරලා තිබුණෙ 2014 වර්ෂයේ. පසුව බලයට ආපු ඒ ආණ්ඩුව රටේ සංවර්ධනය අපි නවත්තපු තැනින් පටන් ගනී කියලා අපි හිතුවා. නමුත් බලය උදුරාගැනීමේ වුවමනාව මිසක් රට සංවර්ධනය කිරීමේ වුවමනාවක් ඔවුන්ට තිබුණෙ නෑ. 

අපි ආපහු බාරගත්තෙ ජාතික ආරක්ෂාවත් ආර්ථිකයත් බිංදුවට දාලා සංවර්ධනය නැවතිලා තිබුණු රටක්. නමුත් අපි ඒ අභියෝගය ඉතාම සතුටින් බාරගත්තා. කොතරම් දුෂ්කරතා හමුවේ වුවත් අපි රජයක් විදියට අප ඉදිරිපත් කළ ප්‍රතිපත්ති යතාර්ථයක් වනතුරු ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරනවයි කියන එක ඔබ දන්නවා. 

අද අපි රුවන්පුර අධිවේගී මාර්ගයට මුලපුරන්නේ රට පමණක් නොවෙයි මුළු ලෝකයම කොවිඩ් වසංගතයෙන් වෙලාගත්ත අභියෝගාත්මක අවස්ථාවක. කොවිඩ් කියලා අපට රට වහගෙන ඉන්න හැකියාවක් නැහැ. වෛරසයට එරෙහිව සටන් කරන ගමන් රටේ ජනතාවගේ ආර්ථික තත්වය ගැනත් අපි හිතන්න ඕනෙ. ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා නම් අපට මේ තත්වය පාලනය කිරීම එතරම් අපහසු වෙන්නෙ නෑ. එනිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා හැමවිටම සෞඛ්‍ය අංශයෙන් ලබාදෙන උපදෙස් පිළිපදින්න. අපි රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට කොළඹ අරලියගහ මන්දිරයේ සිට අන්තර්ජාලය ඔස්සේ ඊයේ (07) එක්වෙමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka