gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වීමට ඇන්ජලෝ මැතිව්ස් තීරණය කරයි

එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
 
පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර එක්දින ක්‍රිකට් තුනක් සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
 
ඊට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස 14 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
 
අදාළ තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ජුනි මස 23 වනදා සෝෆියා ගාඩ්න්ස් හිදී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.
 
දෙවන සහ තෙවන තරග පිළිවෙලින් 24 සහ 26 යන දිනවල පැවැත්වෙනු ඇති.
 
එමෙන්ම පළමු එක්දින ක්‍රිකට් තරගය 29 වනදාත්, දෙවන තරගය ජූලි මස පළමුවනදා පැවැත්වීමට නියමිතයි.
 
ජූලි මස 4 වනදා දෙරට තෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
 
අදාළ සංචාරය නිම කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි මස 05 වනදා යළිත් දිවයිනට ළඟා වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, බංගලාදේශ කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඇතුළත් නොවීමත් විශේෂත්වයක්. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka