gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් දිගටම සටනේ : ෂබ්රිගේ මද්‍රසා පාසල් යෝජනාවට විරුද්ධ වේ !

එක දිගට මසක පමණ කාලයක් කැබිනට් මණ්ඩල රැස්වීම් වලට සහභාගී නොවූ විමල් වීරවංශ අමාත්‍යවරයා යළි ඊට සහභාගී වීමත් සමග කැබිනට් මණ්ඩලය තුළ උණුසුම්කාරී සිදුවීම් රැසක්ම සිදුව තිබෙන බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග පෙන්වා දෙයි. පුල්මුඩේ ඛනිජ වැලි නිධිය මුල්කොටගෙන මහින්ද අමරවීර අමාත්‍යවරයා සමග ගැටුණු වීරවංශ අමාත්‍යවරයා අලි ෂබ්රි අධිකරණ අමාත්‍යවරයා සමගද මද්‍රසා පාසල් නියාමනය මුල් කොටගෙන ගැටී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මද්‍රසා පාසල් නියාමනය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කළ යුතු බවට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශයන් අතර වේ.

මේ කරුණ සම්බන්ධයෙන් අදාළ කැබිනට් පත්‍රිකාව ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ අලි ෂබ්රි අමාත්‍යවරයා සඳහන් කොට තිබෙන්නේ මද්‍රසා පාසල් පිලිබද මේ නිර්දේශය ක්‍රියාත්මක කරන විට ඒ ගැන මුස්ලිම් නියෝජනයන් සමඟ සාකච්ඡා කළ යුතු බවත් මුස්ලිම් ජන සමාජයට නිවැරදි පණිවිඩය දිය හැක්කේ ඒ තුළින් බවය.

ෂබ්රි අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමග ඊට විරෝධය දක්වමින් නැගී සිටි වීරවංශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ අදාළ නිර්දේශ ඉදිරිපත් කළ ඇමැති අනුකමිටුවේ මුස්ලිම් නියෝජනයක් තිබුණු බවත් එනිසා යලිත් මුස්ලිම් නියෝජනයන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අනවශ්‍ය බවය.

ඔය කියන කමිටුවේ මුස්ලිම් නියෝජනයක් නොතිබුණු බව ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමඟ ජනපතිවරයාද මෙම ප්‍රශ්නයට මැදිහත් වූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

එහිදී ජනපතිවරයා සඳහන් කොට තිබෙන්නේ මෙම නිර්දේශය ආංශික අධීක්ෂණ කමිටුවේ තීරණයක් බවය.

-Asian Mirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka