gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෝට්සිටි පනත සම්මත වූ සැණින් චීනයෙන් ලංකාවට ලොකු තෑග්ගක් !

චීනය විසින් ශ්‍රී ලංකාවට තවත් සීනෝෆාම් එන්නත් මාත්‍රා 500,000 ක තොගයක් ශ්‍රී ලංකාවට තෑගි කළ බවට බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ චීනයේ විදේශ අමාත්‍යංශය විසින් මේ බව බීජිංහි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා වෙත 2021 මැයි 19 වැනි දින සනාථ කළ බවයි.

මීට පෙර චීනය දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කරනු ලබන මාත්‍රා 600,000 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට තෑගි කළ බවද එම නිවේදනයේ දැක්වේ.

කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත තුන්වැනි වර කියැවීම පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 91කින් සම්මත විය. එම පනත සම්මතවීමත් සමඟ පසුදිනම මෙම එන්නත් තොගය තෑගි කළ බවට නිවේදනය කර තිබීම විශේෂත්වයකි.

එම නිවේදනය පහතින්,

චීනය තවත් කොවිඩ්-19 සීනෝෆාම් එන්නත් මාත්‍රා 500,000 ක තොගයක් ශ්‍රී ලංකාවට තෑගි කරයි

චීනය විසින් ශ්‍රී ලංකාවට තවත් සීනෝෆාම් එන්නත් මාත්‍රා 500,000 ක් ලබා දෙනු ඇත. චීනයේ විදේශ අමාත්‍යංශය විසින් මේ බව බීජිංහි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා වෙත 2021 මැයි 19 වැනි දින සනාථ කරන ලදී. මීට පෙර චීනය දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කරනු ලබන මාත්‍රා 600,000 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට තෑගි කළේය.

කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව භයානක ලෙස ඉහළ යමින් පවතින මෙම තීරණාත්මක අවස්ථාවේ දී, චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද කාලෝචිත සහයෝගය පිළිබඳව ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සිය කෘතඥතාව පළ කළේය. මෙම වසංගතය හේතුවෙන් අප දැඩි අපහසුතාවයට පත්ව සිටින මොහොතක දී චීනය සැබෑ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවට උපකාර කිරීමට නැවතත් ඉදිරිපත් වී සිටින බව එතුමා අවධාරණය කළේය.

මෙම එන්නත් මාත්‍රා 500,000 ලද වහාම, බෙයිජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඒවා ශ්‍රී ලංකාවට ගුවනින් ප්‍රවාහනය කිරීම සම්බන්ධීකරණය කරනු ඇත.

තවද, දේශීය සහ වෙනත් රටවලින් ලැබෙන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් සැපයුම අතිශයින් අසීරු වී ඇති කාල සීමාවක දී, සීනෝෆාම් වෙතින් එන්නත් මාත්‍රා මිලියන 14 ක් රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් ප්‍රසම්පාදනය කිරීම මෙම තානාපති කාර්යාලය විසින් සම්බන්ධීකරණය කොට ඇත.

මෙම එන්නත් මාත්‍රා මිලියන 14 හි පළමු තොගය සීනෝෆාම් විසින් ළඟදීම නිකුත් කරනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 මැයි 21 වැනි දින
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka