gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෙදියන් 243 කට කොරෝනා කොළඹ ජාතික රෝහලේ 27 කට ආසාදිතයි

කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා කැපවී රාජකාරි කළ හෙද සොහොයුරියන් 243 දෙනකු මේ වන විට එම රෝගය ආසාදනය වී ප‍්‍රතිකාර ලබා ඇති බව කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙදි නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය ‘දිවයින’ට ඊයේ (11 දා* පැවසුවාය.
 
 කොරෝනා වෛරසය ආසාදනය වූ හෙදි නිලධාරිනියන් පිළිබඳ විස්තර දෛනිකව අලූත් වන අතර මෙම සංඛ්‍යාලේඛන තවත් ඉහළ යා හැකි බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
 
 කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටි හෙද නිලධාරීන් දහස් ගණනක් මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර සිටින බවද පුෂ්පා රම්‍යානි මහත්මිය කියා සිටියාය.
 
 කොළඹ ජාතික රෝහලේ සේවය කරන හෙද නිලධාරීහු 27 දෙනෙක් මේ වන විට කොරෝනා වෛරස ආසාදනය වී ප‍්‍රතිකාර ලබමින් සිටිති.

  හේමන්ත රන්දුණු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka