gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් 1891ක්. දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් 13,815 දක්වා ඉහළට !

ඊයේ (02) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් - 19 වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1891ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙය දිනක් තුළ මෙරටින් හඳූනාගත් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වේ. 

මේ අතරින් 1843 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් ද සෙසු 48 දෙනා විදෙස් රටවල සිට පැමිණි අය අතරින් ද හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. 

මේත් සමග දැනට ප්‍රතිකාර ලබමින් සිටින සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 13815ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය ද මෙරටින් වාර්තා වූ ඉහළම සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වේ. 

මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් ගණන 111,753 දක්වා ඉහළ ගොස් ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka