gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වූහාන්හි සිරවූ ලාංකිකයන් ⁣බේරාගන්න ස්වේච්ඡාවෙන් ආ ප්‍රධාන ගුවන් නියමුවා, ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත් කරයි

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානි හා ප්‍රධාන ගුවන් නියමු තනතුරු හෙබවූ නිලධාරින් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කර ඇත.

මෙසේ තනතුරුවලින් ඉවත් කර ඇත්තේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී ප්‍රවීන් වෙත්තමුණි හා ප්‍රධාන ගුවන් නියමු චමින්ද ඩී සොයිසාය. කොවිඩ් වලින් චීනය ගිලගනිද්දී වුහාන් ප්‍රාන්තයේ සිරවූ ශ්‍රීලාංකිකයන් මෙරටට රැගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් චීනයට ගොඩබැස්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ගුවන් නියමුවා වූයේ චමින්ද ඩී. සොයිසාය.

පියාසර කිරීමේ බලපත්‍රය කල් ඉකුත් වූ අයකුට සහායක නියමුවකු ලෙස ඒ 330 වර්ගයේ ශ්‍රී ලන්කන් ගුවන් යානයක පියාසර කිරීමට ඉඩ සැලසීම මෙම නිලධාරින්ට එල්ල වූ ප්‍රධාන චෝදනාවකි.

ඉකුත් වසරේ දෙසැම්බර් 15, 18, 19 තෙදින තුළ සහායක නියමුවකු ලෙස සුදුසුකම් නොලත් අයකුට ඒ 330 යානාවක දකුණුපස නියමු ආසනයේ ගමන් කිරීමට ඉඩ සලසා ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්   ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි වෙත ලිඛිතව දන්වා තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka