බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායකගේ මන්ත්රී ධුරය පුරප්පාඩු වී ඇතැයි මැතිවරණ කොමිසන් සභා වෙත දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මේ බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වන මන්ත්රී ධුරය සඳහා පත්වීමට ගම්පහ දිස්ත්රික් මනාප ලැයිස්තුවේ ඊළඟට මනාප හිමිකරගෙන සිටින අජිත් මාන්නප්පෙරුම මහතා ට අවස්ථාව හිමිවේ.
තම මන්ත්රීධූරය අහෝසි නොකරන ලෙස රන්ජන් රාමනායක විසින් ගොනු කොන ලකුණු පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්රතික්ෂේප කරනු ලැබීය.
