gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුලියාපිටියේ බුදුපිළිම කැඩු ඉන්දියානුවා හදිසියේ ජීවිතක්ෂයට

කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ අසනීපව වාරියපොළ රෝහලට රැගෙන ඒමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාරියපොළ රෝහලේ ප්‍රකාශයෙක් පැවසීය.

වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියදී ඊයේ (5)රාත්‍රීයේදී හදිසියේ ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හටගැනීමෙන් අනතුරුව වාරියපොළ රෝහලට රැගෙන ආ බවත් එසේ පැමිණෙන අතරතුර ඔහු මියගොස් ඇති බවත් බන්ධනාගාර ප්‍රකාශයෙක් පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියානු ජාතිකයකු වන දිලිප් කුමාර් නමැති 47 හැවරිදි පුද්ගලයෙකි.

ඔහුගේ මෘත ශරීරය මේ වන විට වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව තැන්පත් කොට ඇති බවත් අධිකරණ නියෝග ලබාගැනීමෙන් අනතුරුව පී.සී.ආර්. පරීක්‍ෂණය සහ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මෘත ශරීරය කුරූණෑගල ශීක්‍ෂණ රෝහලට රැගෙන යෑමට කටයුතු කරන බව බන්ධනාගාර නිලධාරියා පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka