gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොල්තෙල් කතාව බොරුවක් නම් ඒ පසුපස විදේශීය කුමන්ත්‍රණයක් ඇත්දැයි සෙවිය යුතුයි - නාමල්

පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළඳපොලට නිකුත්ව ඇතැයි යනුවෙන් ප්‍රචාරණය වූ කතාව බොරුවක් නම් ඒ පසුපස සිටි බලවේග කවුරුන්ද යන්න පිළිබඳවත් විමර්ශනයක් සිදුකළ යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

"ඒ පිළිබඳව ආණ්ඩුව විසින් පරීක්ෂණයක් පවත්වනවා. ඒ වගේම මේ කාරණය පිටිපස්සේ ඇත්ත නැත්ත පිළිබඳව සමාජයට හෙළිකරන්න ඕනෙ. 

එය බොරුවක් නම් මෙවැනි බොරු සමාජගත කරන්න පිටිපස්සෙ ඉන්නෙ කවුද, එහෙම නැත්නම් මේ පොල්තෙල් වලට විරුද්ධව යන වෙනත් බලවේගයක් ඉන්නවද ? මොකද අපි දන්නවා විජාතීය සමාගම් පවා මේ එක් එක් රටවල්වල මෙවැනි දේශීය නිෂ්පාදන නවත්තන්න කටයුතු කරලා තියෙනවා. ඉතිං අද දේශීය නිෂ්පාදන ශක්තිමත් කරන්න උත්සාහ කරන කාලසීමාවක එවැනි බලවේගයක් මේක ඇතුළෙ ක්‍රියාත්මක වෙනවාද කියන එකත් හොයන්න ඕනෙ. 

ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපෙ ප්‍රතිපත්ති පැහැදිලියි. ඒ වගේම තමා ජනාධිපතිතුමා, අගමැතිතුමා, විෂය බාර ඇමතිතුමා මේ පිළිබඳ ජනතාවට පැහැදිලි කළා විතරක් නෙවෙයි එය බොරුවක් නම් ඒ බොරුව සමාජගත කරන්න හේතුව කුමක්ද කියලාත් දැඩි පරීක්ෂණයක් කරන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka