ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේ සිදු වූ ගැටුම් කාරී සිදුවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය සමඟ නිරූපණ ශිල්පිනි චූලා පත්මේන්ද්රද අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට කැඳවනු ලැබීමෙන් පසු මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ නමුත් චූලා පත්මේන්ද්‍ර කුරුදුවත්ත පොලිසියේ සිට සිය සමාජ ජාල ගිණුම මගින් වීඩියෝවක් නිකුත් කරමින් පවසන්නේ අත්අඩංගුවට ගැනීමක් සිදුව නැති බවයි.
