gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රශ්නය ගොඩින් බේරා ගන්න මාධ්‍ය හිමිකරු විජේදාස මුණගැසෙයි

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂට ජනාධිපතිවරයා විසින් දුරකථනයෙන් ද්වේශසහගතව බැන වැදීමෙන් පසු ඇතිවූ තත්වය සමනය කිරීම සඳහා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ආයතන හිමිකරුවකු මැදිහත්ව ඇත. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිවසට හදිසියේම ගිය එම මාධ්‍ය ව්‍යාපාරිකයා ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමට උත්සාහ කර ඇත. කෙසේ නමුත් එම උත්සාහය අසාර්ථක වී ඇතැයි වාර්තාවේ.

ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ සමීපතම හිතවතකු වන මෙම මාධ්‍ය ආයතන හිමිකරු මෙසේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මුණගැසුණේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බවද වාර්තාවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව තවත් පුද්ගලයන් කීප දෙනෙකුටම ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මෙසේ දුරකථයෙන් තර්ජනය කර ඇති බව මේ වනවිට දේශපාලන ලෝකය තුළ කතා බහට ලක් වෙමින් ඇත. මෙම ප්‍රවෘත්ති ජාත්‍යන්තරයටද වාර්තා වී තිබීම නිසා තමන්ට එන අපවාදයෙන් ගැලවීම පිණිස හිතවත් මාධ්‍ය ආයතන හිමිකරු ලවා ජනාධිපති මෙවැනි උත්සාහයක නිරත වන්නට ඇත.

-lankatruth
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka