gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජොබ් එක දන්නේ නැත්නම් යන්න රාජපක්ෂලාට අපහාස කරන්න එපා... ගෝඨාභය හාමු මහත්තයෝ මම කනත්ත වෙන්කර ගත්තා - විජේදාස වෙනුවෙන් මර්වින් පෙරට - (video)

ජනාධිපති ධුරයේ රාජකාරි කිරීමට හරි හැටි නොදන්නේ නම්, රුහුණේ නම්බුව තියා ගෙදර යන්නයි හිටපු අමාත්‍යවරයකු වූ මර්වින් සිල්වා ඊයේ (16) මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක්
කර සිටියේය. ජනාධිපතිවරයා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජේදාස රාජපක්ෂට දුරකතනය ඔස්සේ තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් ඔහු එම මාධ්‍ය සාකච්ජාව කැඳවා තිබිණ.
 
මේවනවිට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයකු වන මර්වින් සිල්වා මාධ්‍ය සාකච්ජාව අරඹමින් කියා සිටියේ, තමා මෙම ස්ථානයට පැමිණියේ කනත්තේද ඉඩක් වෙන්කර ගනිමින් ජයරත්න අවමංගල්‍ය සේවයට මුදල් ගෙවීමටද කටයුතු යොදා බවයි. 
 
රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමට රුහුණේ විජේදාස මන්ත්‍රීවරයාගේ ඥාති පරම්පරාව හා තමන්ගේ ඥාතී පරම්පරාව ඉතිහාසයේ කටයුතු කළ ආකාරය මෙහිදී සිහිපත්කල මර්වින් සිල්වා, මුල අමතක නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කළේය. 
 
අගමැති මහින්ද රාජපක්ෂ වැනි රාජපක්ෂවරුන්ට අපහස නොවන ආකාරයෙන් කටයුතු කරන්නැයි ද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.  
 
ඇතැමුන්ට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිට්ලර් කෙනෙකු කිරීමට උවමන වී ඇතැයි පැවසු මර්වින් සිල්වා, අවසානයේ හිට්ලර්ට හා ඔහුගේ අනුගාමිකයින්ට අත්වූ ඉරණම පෙන්වා දුන්නේය. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka