gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයට මෛත්‍රී-රනිල්-රුවන්ට වන්දි ගෙවන්න වෙයි?

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්  පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් තමන්ට සිදුවූ බරපතළ මානසික සහ ශාරීරික හානි වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු වන මෝදිත ඒකනායක මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු 12දෙනෙකු වෙත එන්තරවාසියක් යොමුකර තිබේ.

නීතිඥ සුජීව ගුණතිලක මහතා මාර්ගයෙන් යොමුකර ඇති එම එන්තරවාසියේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, නීතිපති ඇතුළු 12දෙනෙකු නම්කර ඇත.

නීතිඥ මෝදිත ඒකනායක මහතා සඳහන් කර ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු වගඋත්තරකරුවන් එය වළක්වා ගැනීමට පියවර නොගත් බවය.

මේ හේතුවෙන් ෂැංග්‍රිලා හෝටලය තුළ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් තමන් ද බරපතළ තුවාල ලැබූ බව පෙන්වාදන පැමිණිලිකාර නීතිඥ ඒකනායක මහතා ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට මෙම එන්තරවාසිය තුළින් දැනුම් දී තිබේ.

දින 14ක් ඇතුළත එම වන්දි මුදල ගෙවන ලෙසත් එය ගෙවීම පැහැර හරිනු ලැබූවොත් දිසා අධිකරණය හමුවේ නඩු පවරන බවටත් අදාළ එන්තරවාසිය තුළින් දැනුම් දී තිබුණි.

එමෙන්ම පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර නොගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක වන්දියක් ගෙවන ලෙස දන්වමින් නීතිඥ මෝදිත ඒකනායක මහතා විසින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත තවත් එන්තරවාසියක් යොමුකර ඇති බව සඳහන් වේ.

එම එන්තරවාසිය තුළින් අවධාරණය කර තිබෙන්නේ ෂැංග්‍රිලා හෝටලය තුළ විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුට එම ප්‍රහාරය එල්ල කිරීමට හැකියාව ලැබුණු බවය.

ඒ හේතුවෙන් හෝටලය තුළ සිටි තමන් බරපතළ තුවාල ලැබූ බවද නීතිඥ මුදිත ඒකනායක අදාළ එන්තරවාසිය තුළින් සඳහන් කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka