පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් මීට සුලු මොහොතකට පෙර කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම විශාල ගාලගෝට්ටියකින් පසු කිසිදු තීන්දුවක් නොමැතිව අවසන් වී ඇති බව වාර්තා වේ.
මෙහිදී ආණ්ඩු පක්ෂය අද සහ හෙට යන දෙදිනත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවාද කළ යුතු බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා දැනුම් දී සිටියත් විපක්ෂය යෝජනා කොට ඇත්තේ ආණ්ඩුව කලින් දැනුම්දී තිබූ පරිදි දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසන් වාර්තාව සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්විය යුතු බවකි.
නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය එකගතාව පළ නොකිරීමත් සමග විපක්ෂය ඊට දැඩි විරෝධය පළ කොට ඇති අතර ඒ හේතුවෙන් පක්ෂ නායක රැස්වීම කීසිදු එකගතාවකින් තොරව අවසන් වී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව න්‍යාය පත්‍රය පිළිබද කිසිදු එකගතාවකින් තොරව අද දින සභාව පැවැත්වෙන බව දැනගන්නට තිබේ.
මෙවැන්නක් සිදුව ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේවෙතත් පක්ෂ නායක රැස්වීම නිමවීමෙන් පසුවද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවද දැනගන්නට ඇත.
