gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විවාහක රූ රැජින අවුලේ මාධ්‍ය හමුව කැඳවා ඇත්තේ පොලිස් නිලධාරියෙක් - මනමාල SI ගැන විමර්ශනයක්

රූ රැජින, අවුරුදු කුමරියන් තෝරන තරගවල මාධ්‍ය සම්බන්ධීකරණ හා ආරක්ෂාව සපයන බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ කොළඹ දකුණු කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සිසිර පෙන්තතන්ත්‍රී නියෝගය මතය.

මෙම චෝදනාවට ලක්වන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති හෙයින් මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

විවාහක රූ රැජින තරගයේ තිබූ මතභේදාත්මක තත්ත්වය මත පැවැති මාධ්‍ය හමුව සම්බන්ධීකරණය කර ඇත්තේද මෙම උප පොලිස් පරීක්ෂකවරයා බව දැනගන්නට ඇත.

මොහු රාජකාරියෙහි නිරතව සිටින විටදී පොලිස් බලය භාවිත කරමින් කාන්තාවන් අපහසුතාවට පත්කිරීම් ඇතුළු සිදුවීම්වලට මීට පෙරද චෝදනාවට ලක්වී තිබේ.

සුරූපී ළඳුන් සමග සෙල්ෆි ඡායාරූප ගෙන අන්තර්ජාලයේ මුදාහැරීම ​මොහුගේ විනෝදාංශය වී ඇතැයි වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka