gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රීලනිපය මැයි දිනයේදී පොහොට්ටුවෙන් වෙන් වෙයි.. වෙනම මැයි රැළියක්.. මහ ලේකම් නිල ලෙස කියයි

ඉදිරි මැයි පළවෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් තම පක්ෂය වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ සෙසු පක්ෂවලටද ඊට එක් වන්නැයි ආරාධනා කිරීමට තීරණය කර ඇති බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සන්ධානයේ සියලු පක්ෂවලට එම මැයි රැුලිය සඳහා එක්වන ලෙස ආරාධනා කරන බවද පැවසූ ඔහු සඳහා වන ආරාධනා පත්‍ර ද යවන බව ද පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන මැයි රැළිය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එක්වන බවද ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka