gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චීන එන්නතට එරෙහි වූ විශේෂඥ වෛද්‍යවරයාව සෞඛ්‍ය අමාත්‍යවරියගේ අණින් ඖෂධ නියාමන අධිකාරියෙන් එළවයි.

නිෂ්පාදන සමාගමෙන් ඉල්ලා සිටි තොරතුරු ලැබෙන තුරු, චීනයෙන් තෑගි ලැබුනු සිනොෆාම් එන්නත, මෙරට වැසියන්ට ලබා දීමට නිර්දේශ කළ නොහැකි බව දැඩිව පවසා සිටි විශේෂඥ වෛද්‍යවරයෙකු, ජාතික ඖෂණ නියාමන අධිකාරියෙන් ඉවත් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම ඉවත් කිරීම සිදු කර ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසිනි.

සෞඛ්‍ය අමාත්‍යවරිය, ඖෂධ නියාමන අධිකාරියෙන් ඉවත් කර ඇත්තේ, ළමාරෝග විශේෂඥ, වෛද්‍ය ලක්කුමාර් ෆර්නාන්දු නම් අයයි.

ඔහු, මෙරට ළමා රෝග විශේෂඥයන්ගේ සංගමය නියෝජනය කරමින් ඖෂධ නියාමන අධිකාරියට පත් කර සිටි සාමාජිකයා බව පැවසේ.

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා, ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයෙකු වනවාට අමතරව, ඖෂධ නියාමන අධිකාරිය මගින්, සිනෝෆාම් එන්නත මෙරට පුරවැසියන් සදහා ලබා දීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසට පත් කර තිබූ විශේඥ කමිටුවේ ද සාමාජිකයෙකි.

විශේෂඥ කමිටුවේ සාමාජිකයෙකු ලෙස, ඔහුගේ දැඩි ස්ථාවරය වී ඇත්තේ, චීනයෙන් ගෙන්වන ලද එන්නත මෙරට පුරවැසියන් සදහා ලබා දීම අනතුරුදායක බවයි.

චීන සිනෝෆාම් එන්නත සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළුකාරී තත්ත්වය මත, මාර්තු මාසයේ 08 වන දා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයන් සිව් දෙනෙකු ඉවත් කර තිබුණු අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වන, වෛද්‍ය අසිත ද සිල්වා මහතා ද ඉල්ලා අස් වී තිබුණි.

- sunday times


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka