gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චීනයෙන් පොලිසියට දෙන්න යන සන්නිවේදන උපකරණ ජාතික ආරක්ෂාවට තර්ජනයක්

ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිළධාරින් අතර සන්නිවේදනය කිරිම සඳහා චීන රජය විසින් නොමිලේ ප්‍රදානය කිරීමට සැරසෙන අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ රටේ ජාතික ආරක්ෂවට තර්ජනයක් විය හැකි බව සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ අනතුරු අඟවති.

මෙවැනි අධිතාක්ෂණ සන්නිවේදන උපකරණ හරහා දත්ත සහ තොරතුරු සන්නිවේදනය කිරීමේදි ඒවායේ රහස්‍යභාවය සහ ආරක්ෂාව පිළිබදව පරික්ෂා කිරීමේ ආයතන ශ්‍රී ලංකාව තුළ නොමැති බව සඳහන් කරන සයිබර් ආරක්ෂණ විශේෂඥයන්, පොලිසිය වැනි අති සංවේදි තොරතුරු හුවමාරු වන ආයතනයක ඉහළම නිළධාරින් හට මෙම උපකරණ භාවිතා කිරිමට අවසර දීමට පෙර එම උපකරණ හරහා දත්ත සොරාගැනීමට ඉඩකඩක් තිබේදැයි සොයාබැලීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කරයි.

සන්නිවේදන උපකරණ නිෂ්පාදනය කරන විට ඒවා හරහා ගලායන තොරතුරු වෙනත් තුන්වන පාර්ශවයකට සම්ප්‍රේෂණය කිරිමට හැකි මුද්‍රකාංගයක් රහසේ ඇතුළත් කළ හැකි අතර එවැනි ඩිජිටල් අකටයුතුකම් සොයාබැලීම සඳහා අවශ්‍යවන සයිබර් ආරක්ෂණ ආයතනයක් මේ වන තුරු ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කර නොමැත.

ලබන සතියේ ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට නියමිත චීන ආරක්ෂක ඇමති ජනරාල් වෙයි ෆෙන්ගි විසින් මෙම අධිතාක්ෂණික සන්නිවේදන උපකරණ කට්ටල ශ්‍රී ලංකාවට නිළ වශයෙන් බාර දිමට නියමිත බව වාර්තා වේ.

-lankatruth
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka