gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරීන්ගේ කට වහන්න ආණ්ඩුවෙන් සැළසුමක් ! අත්අඩංගුවට ගැනීමේ සූදානමකුත් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට දැඩි හිසරදයක් වී තිබෙනවා. පෙරේදා (20) ඔහු පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා හිරේ දමා පාස්කු මහ මොළකරුවන් ආරක්ෂා කරන්නේ වත්මන් ආණ්ඩවු විසින් බවයි.

ඊයේ දිනයේදීද හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමතිවරුන් සමග පැටලුණු අතර අවසානයේදී එය පක්ෂ - විපක්ෂ ගැටුමක් දක්වා වර්ධනය විය.


 
මෙම පසුබිම මත ආණ්ඩුව ඉතා අවාසිදායක තත්වයක් නිර්මාණය වෙමින් පවතින අතර කෙසේ හෝ හරීන් ප්‍රනාන්දු මහතාගේ කට වසා දැමිය යුතු බවට ආණ්ඩුවේ නායකයන් තීරණය කර තිබෙනවා.

හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම හරහා හෝ ඔහුගේ කට වසා දැමිය යුතු බවට ආණ්ඩුව අභ්‍යන්තරයේ කතාබහ වී ඇති අතර ඇතැම්විට ඉදිරි දින කිහිපය තුළ කුමන චෝදනාවක් මත හෝ ඔහුව අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇත.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ඔහු සිදුකළ ප්‍රකාශයක් අල්ලා ගනිමින්, පාස්කු ප්‍රහාරය එල්ල වන බව දැන දැනම හරීන් ප්‍රනාන්දු මහතා එය හෙලිදරව් නොකර නිහඬව සිටි බව දැඩි චෝදනාවක් ඔහුට එල්ල කළ අතර මෙම චෝදනාව මත හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka