gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුපුරණ ද්‍රව්‍ය නැව් පිටින් එනවා හැබැයි ආණ්ඩුව දන්නෙත් නෑ මේවා තමයි චීන බලපෑම් - වසන්ත සමරසිංහ

අවුරුදු 99 කට චීනයට බදු දුන් හම්බන්තොට වරායට පැමිණි යුරේනියම් තොගයක් අඩංගු නෞකාව පරීක්ෂා කිරීමට හෝ නොහැකි තත්වයට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසනවා. අදාල නැව වරායට පැමිණෙන තෙක් රජය දැනුවත්ව හෝ නොසිටි බවයි සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

යම් හෙයකින් මෙම නෞකාව පුපුරා ගියේ නම් පසුගිය කාලයේදී ලෙබනනයේ බේරූට් වරායේ සිදු වූ පිපිරීමටත් වඩා ඉතා බරපතල පිපිරීමක් සිදුවිය හැකිව තිබුණු බවද ඔහු පවසනවා. ජාතික ආරක්ෂාව ගැන උදම් අනමින්, ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පොරොන්දු වෙමින් බලයට පත් වත්මන් පාලකයන් නොදැනුවත්ව සිදුවන මෙවැනි ක්‍රියා නිසා ජාතික ආරක්ෂාව බරපතල ලෙස අවදානමට ලක්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එවැනි අවදානමක් තිබියදී කොළඹ පෝර්ට් සිටියද චීනයට ලබාදීමට පිඹුරුපත් සකස් කරන ආණ්ඩුව සමස්ත රටම අවදානමකට ලක් කරමින් සිටින බවයි වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka