gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විවාහක රූ රැජින අවසන් තරගකාරියන් පිරිසක් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි හෙලි කරයි..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ අවසන් තරඟය සඳහා සහභාගී වූ 20 දෙනාගෙන් කිහිප දෙනෙකු කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. ඔවුන් එහිදී චෝදනා කළේ සංවිධායකයන් විසින් තමන්ම රවට්ටන ලද බවත් පුෂ්පිකා ද සිල්වා ට කිරුළ ලබාදීමට තමන්ව පාවිච්චි කළ බවත්ය.

එම තරගයේදී පළමුව ඉදිරිපත් කර තිබූ නීති මාලාව පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් මතු වූ බවද ඔවුන් කියා සිටියහ.

තරගයට සහභාගී වූ සියලු තරගකාරියන් විවාහක විය යුතු බවත් ඔවුන්ගේ ස්වාමි පුරුෂයා ද සාක්ෂිකරුවන් ලෙස පැමිණිය යුතු බවත් දැනුම් දුන්නද පසුව එම කොන්දේසි නොතකා හැරි බව ද ඔවුන් චෝදනා කළහ.

එමෙන්ම තරගාවලියේ දී පවත්වන්නට නියමිතව තිබූ ස්වාමි පුරුෂයා සමග ඉදිරිපත් කිරීමද මෙවර අවලංගු කර තිබූ බවත් කියා සිටියහ.

එහිදී ලෝක විවාහක රූ රැුජින ලෙස කැරොලයින් ජූරිගේ හැසිරීම නිවැරදි බව ද පැවසූ එම පිරිස පුෂ්පිකා ද සිල්වාට විශේෂ සැලකීමක් සිදු කරමින් ඇය ජයග්‍රහණය කරවීම සඳහා සැලසුම් සහගතව කටයුතු කළ බවක් පෙනෙන්නට තිබූ බවද පැවසූහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka