gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දයාසිරිට එරෙහිව කුමන්ත‍්‍රණයක්…

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂ අභ්‍යන්තරයේ කුමන්ත්‍රණයක් සිදු කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන දායාසිරි ඡයසේකර මහතා සඳහන් කරන්නේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට ක්‍රියා කරන නිසාත් වෙනත් පක්ෂවල අතකොලු ලෙස කටයුතු නොකිරීම නිසාත් ඇතැම් පිරිසක් තමන් ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් තමන් ඉවත් කිරීමට පක්ෂව පක්ෂයේ බහුතරයක් ඉන්නා බවක් තමන් නොසිතන බවත් කිහිප දෙනෙකුගේ පමණක් විවිධ ප්‍රශ්න ඇතත් තමන් ඉන් නොසැලෙන බව ද ඔහු කියා සිටියේය.

තමන් එළියට දැම්මද පක්ෂයේ දේශපාලනය සිදුකරන බවද පැවසූ ඔහු තමන්ට එරෙහි කුමන්ත්‍රණවලට මුහුණ දෙන බවද සඳහන් කළේය.

ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය මෙතෙක් තීරණය කර නැති නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව නැගී සිටිය යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka