gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිංහරාජය ගැන ටෝක්ස් දුන්නට, වාහනේකුත් දෙන්නම් ගිහින්ම බලමු කිව්වට විපක්ෂයේ එකෙක් නෑ..!

ලංකාගම හදන දවසෙ ඉදල සිංහරාජය ගැන අවුරුද්දක් කතා කරනවා. විපක්ෂයේ එක මන්ත්‍රිවරයෙක්වත් ගියේ නැහැ සිංහරාජයට. මම පාර්ලිමේන්තුවෙදි කිව්ව සිංහරාජයට යන්න වාහනයක් දෙන්නම් කියලා. ඒ ගියෙත් නැහැ. නමුත් කොළඹට වෙලා උද්ඝෝෂණය කරනවා…

උපාධිධාරීන් හන්දිගානේ අරන් ගිහින් පෝස්ටර් අලවන්න දිසානායක මහත්තයාගේ කල්ලියටයි ප්‍රේමදාස මහත්තයාගේ කල්ලියටයි දැන් ඉඩ ලැබිලා නැහැ. රැකියා 67,000ක් දුන්නා උපාධිධාරීන්ට. ඊළගට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොරොන්දු වුණා විභාග සමත් නොවුණු අයට රැකියා ලක්ෂයක් ලබා දෙනවා කියලා. ඒකෙන් දැනට 35,000 දීලා ඉවරයි… – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගයයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක වන වාරි සෞභාග්‍යා ග්‍රාමීය වැව් අමුණු 500ක් පිළිසකර කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය යටතේ ගල්ගමුව අමුණුකොලේ මහ වැව ප්‍රතිසංස්කරණය කිරීම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරිණි.

වසර 30කට අධික කාලයක් තිස්සේ සංවර්ධන නොකළ මෙම අමුණුකොලේ මහ වැව ආශ්‍රිත එල්ලංග පද්ධතිය රුපියල් මිලියන 240ක් වැය කර මාස 04ක් තුළ ප්‍රතිසංස්කරණය කිරිමට යෝජිය.

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
මේක පරිසරයත් එක්ක පරිසරය ආරක්ෂා කරමින් ලබා දෙන අලුත් වැඩපිළිවෙලක්. ඒනිසා අපි සතුටු වෙනවා. අපේ රජය බලයට පත්වෙන්න, අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන්න, මේ ගොවිජනතාව දැවැන්ත සහයෝගයක් දුන්න පිරිසක්. අපි ගල්ගමුවෙ පොළේ රැස්වීමක් තිබ්බා. විසිදාහක් පමණ සෙනග ඇවිත් තියෙනවා අපි දැක්කා. එදා ආණ්ඩු පක්ෂයේ ඉන්න ප්‍රබලයෙක් මේ රැස්වීම දැකල කොළඹ ගිහින් කිව්වාලු මහින්ද රාජපක්ෂ ආපහු බලයට එන එක අපිට කවදාවත් නතර කරන්න ලැබෙන්නේ නැහැ කියලා. අපේ ප්‍රධාන ඉලක්කය ගොවිජනතාවගේ ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම. අපි මේ ප්‍රදේශවලට ආවම ගොවිජනතාව අපට කියන්නේ ඇමතිතුමා අපේ වී වල මිල ගැන අපට ප්‍රශ්නයක් නැහැ අපේ වී ටික විකිණෙනවා කියලා. නමුත් කොළඹට ගියාම ප්‍රශ්නයක් තියෙනවා. වී වලින් හදන සහල් ගණන් කියලා කොළඹ අය කියනවා. කොළඹ අය කතා කරද්දි ප්‍රේමදාස මහත්තයාගේ කල්ලියයි, අනුර දිසානායක මහත්තයාගේ කල්ලියයි එක වචනයක්වත් ගොවි ජනතාව ගැන කතා කරන්නේ නැහැ. ගොවිජනතාවගේ ආර්ථිකයට හොදයි ඔවුන්ට හොද මිලක් ලැබෙනවා කියලා කියන්න ඔවුන්ගේ කට ඇරෙන්නේ නැහැ කවදාවත්. එයාල කියන්නේ හාල් මිල වැඩියි, හාල්මිල පාලනය කරන්න ආණ්ඩුවට බැහැ කියලා මඩ ගහනවා. හාල්මිල අඩු වෙලා වී මිල අඩු වුණා නම් ප්‍රේමදාස මහත්තයාගේ කල්ලියයි, දිසානායක මහත්තයගෙ කල්ලියයි සුමන්දිරන්ගේ කල්ලියයි කියනවා ගොවි ජනතාවට නියම මිලක් දුන්නේ නැහැ කියලා. ඒ නිසා අද ගමට ගිහින් ඔවුන්ට බහින්න බෑ. ඒ නිසා අද කොළඹ ගිහිල්ලා බනිනවා.

ලංකාගම හදන දවසෙ ඉදල සිංහරාජය ගැන අවුරුද්දක් කතා කරනවා. විපක්ෂයේ එක මන්ත්‍රිවරයෙක්වත් ගියේ නැහැ සිංහරාජයට. මම පාර්ලිමේන්තුවෙදි කිව්ව සිංහරාජයට යන්න වාහනයක් දෙන්නම් කියලා. ඒ ගියෙත් නැහැ. නමුත් කොළඹට වෙලා උද්ඝෝෂණය කරනවා. මේ රට විනයගරුක රටක් පිරිසිදු රටක් බවට පත්වෙලා තියෙනවා. අපිට ලැබුණේ කුණු ගද ගහන රටක්. කුණු ටික පිට කරන්න බැරි වුණා. අපි පාලනයේ ඉන්නකොට ලෝකයේ දියුණු වෙන ලස්සනම නගරය සහ අධිවේගයෙන් සංවර්ධනය වෙන නගරයක් වුණා කොළඹ නගරය. අන්තිමට කොළඹ නෙවෙයි ගල් ගමුවේ කුණුටිකවත් ඇදගන්න බරිවුණා. ඒක තමා ඇත්ත.

ජනාධිපතිතුමා දිනපු ගමන් තරුණයෝ ඇවිල්ලා තාප්ප ටික ලස්සන කරලා චිත්‍ර ඇන්දා. ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි දවස් තුනෙන් හතරෙන් කුණු ගද ගහන රට පිරිසිදු රටක් බවට පත් කළා. ඒ ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඊළගට උපාධිධාරීන් හන්දිගානේ අරන් ගිහින් පෝස්ටර් අලවන්න දිසානායක මහත්තයාගේ කල්ලියටයි ප්‍රේමදාස මහත්තයාගේ කල්ලියටයි දැන් ඉඩ ලැබිලා නැහැ. රැකියා 67,000ක් දුන්නා උපාධිධාරීන්ට. ඊළගට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොරොන්දු වුණා විභාග සමත් නොවුණු අයට රැකියා ලක්ෂයක් ලබා දෙනවා කියලා. ඒකෙන් දැනට 35,000 දීලා ඉවරයි. දැන් ඔවුන්ව පුහුණු කරනවා. දෙවනි තුන්වෙනි කණ්ඩායම් වලටත් ලබා දෙනවා. ඒ නිසා රැකි රක්ෂා ගැනත් කියන්න දෙයක් නැහැ. ආණ්ඩුව උපාධිධාරීන්ට රැකියා දීලා තියෙනවා. දුප්පත් ජනතාවට රක්ෂා දීලා තියෙනවා.

දැන් මොනවද කියන්නේ. කොහේ හරි පිටරටක හරි කපපු ගහක් අල්ලගන කියනවා මහා වන විනාශයක් කරනවා කියලා. සමහර නිවාස වල වැසිකිලි වළ තිබෙන්නේ වන සංරක්ෂණයට අයත් භූමියේ. වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට එම කොටස නිදහස් කරන්න කියන එක වැරදිද?. ඇයි මේ ගම්වල අහිංසක මිනිසුන්ට මෙහෙම ඊර්ෂ්‍යා කරන්නේ. ප්‍රේමදාස මහත්තයලට ඡන්ද ලැබුණෙ නැති හින්දද. ගම්වල ප්‍රේමදාස නාමය ප්‍රතික්ෂේප කරපු හින්දද ගම්වල මිනිස්සුන්ට මේ ගහන්නේ. අද ප්‍රේමදාස මහත්තයාගේ කල්ලියයි දිසානායක මහත්තයාගේ කල්ලියයි, සුමන්දිරන්ගෙ කල්ලිය කෑ මොර දෙනවා ගමේ ඉන්න අහිංසක ජනතාවට විරුද්ධව. අලි ගහද්දි පැලවල් වලට නැගල ජීවිතය පරදුවට තියලා අඹු දරුවො අමතක කරලා මේ රටේ මිනිස්සුන්ට කන්න දෙන්නෙ තමුන්නාන්සේලාගේ ගම්මානවලින්. එහෙම කරන ජනතාවට තමයි මේ විපක්ෂය පහර ගසන්නේ.

අපි ඊළග ඡන්දයට එන්නේ තමුන්නාන්සේලාගේ පාරවල් සියල්ල හදලා දීලා කියලා මම ඔබතුමන්ලාට මතක් කරනවා. තමුන්නාන්සේලාගේ නිෂ්පාදන ඉක්මනින් නගරයට ගෙන යන්න. ඉක්මණින් රෝහලට යන්න. ඉක්මණින් පන්සලට යන්න, ඉක්මණින් වැඩපළට යන්න, ඉක්මණින් වන්දනාවෙ යන්න ඒ අලුත් යුගය අපි නිර්මාණය කරනවා. අපිට ඒක කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි අතගහල තියෙන්නේ. මේ දේවල් දකින්න කැමති නැති වෛරයෙන් ඊර්ෂ්‍යාවෙන් පෙලුණු කුහක මිනිස්සු තමයි අද මේ දේවලට බනින්නේ. ඒ නිසා අපි මතක් කරනවා අපේ එකම පරමාර්ථය දුප්පත්කමෙන් තොර රටක් නිර්මාණය කරන්න. දියුණු සංවර්ධනයෙන් ඉහළ ආර්ථිකයක් නිර්මාණය කරනවා. ඒ වගේම අපේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනවා.

මෙම අවස්ථාවට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka