gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ වරාය නගරය කියන්නේ වෙනම ඊළමක්..- පෙරටුගාමීන්

කොළඹ වරාය නගරය සදහා ගැසට් කර ඇති පනත මගින් තවත් ප්‍රාන්තයක් නැතහොත් තවත් රටක් බිහි වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එය තවත් ඊලමක් නිර්මාණය කිරීමේ තත්ත්වයක් බවද එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි.

මෙම පනත් කෙටුම්පත පැහැදිලිවම වෙනම රටක් බිහිකිරීම සඳහා වන උපක්‍රමයක් යයිද පවසන ඔහු එම පනත අනුව මෙම වරාය නගරය පාලනය කරන්නේ ජනාධිපති විසින් පත් කරන කොමිසමකින් යයිද පැවසීය.

වරාය නගරය සඳහා මුහුද ගොඩ කිරීමේ උවමනාවක් නොතිබූ බවද පැවසූ ඔහු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා පවතින ඉඩම් යොදාගැනීමේ හැකියාවක් තිබූ බවද සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka