gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති හිට්ලර් කෙනෙකු විය යුතුයි.. ජනතා බලාපොරොත්තුව එයයි.. බනින්නේ එසේ නොවූ නිසා…

 
අද ආණ්ඩුව යම් යම් දෝෂාරෝපණවලට ලක් වන්නේ ජනාධිපතිවරයා හිට්ලර් කෙනෙකු නොවීම නිසා බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා ඡන්දය ලබා දී ඇති 69 ලක්ෂයක ජනතාව බලාපොරොත්තු වූයේද හිට්ලර් වැනි ඒකාධිපති පාලකයෙක් බවද ඔහු සඳහන් කළේය.

මෑත දිනවලදී ඇතැම් භික්‍ෂූන් වහන්සේලාද එම අදහස මතු කල බවත් කී ඇමතිවරයා නමුත් ජනාධිපතිවරයාට එකවර හිට්ලර් කෙනෙකු වීම සඳහා කැමැත්ත ඇතැයි තමන් නොසිතන බවද සඳහන් කළේය.

නමුත් සමහර අන්ත ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලු විට ජනාධිපතිතුමා හිට්ලර් කෙනෙකු වෙනු ඇතැයිද ඔහු පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka