gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙන්නප්පුව හිටපු ASPට මා විරුද්ද වූයේ අහිංසක ජනතාවගේ නාමයෙන්.. ඔහුගේ වැටලීම් නිසා ජන ජීවිතය අඩාල වුනා - අරුන්දික

වෙන්නප්පුවේ හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට තමන් විරුද්ධ වූයේ අහිංසක ජනතාවගේ නාමයෙන් බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. තමන්ට ඔහු සමග කිසිදු පෞද්ගලික ප්‍රශ්නයක් නැති බවත් දිගින් දිගටම මහ ජනතාවගේ පැත්තෙන් පැමිණිලි ලැබෙන නිසා ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලීමක් කළ බවද ඇමැතිවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ තම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

වෙන්නප්පුව ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වෙළඳාම සිදු කරන අයට නිසි අධ්‍යාපනයක් හා දැනුමක් ලබා දී ඔවුන් ස්වයං රැකියාවකට හෝ ආදායමක් උපයාගත හැකි වෙනත් රැකියාවකට යොමු කළ යුතු බව තමන් නිරන්තරයෙන් සඳහන් කළ බවද ඒ මහතා පැවසීය.

නමුත් විවිධ චෝදනා නගමින් දිගින් දිගටම කළ අත්තනෝමතික වැටලිමි නිසා ජනතාවගේ ජන ජීවිත අඩාල වූ බවද ඔහු කියා සිටී.

මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් කරන ලෙස තමන් විසින් යොමු කළ ලිපිය සමාජ මාධ්‍ය වෙත පිටවීම නීති විරෝධී බවත් ඒ ගැන පරීක්ෂණයක් සිදුකරන බවත් ඔහු පැවසුවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka