gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසියම ගල් ගස්සලා හාමුදුරුවන් අරන් ගියා... මේ ආණ්ඩුවත් භික්ෂු දඩයම පටන් අරන් - අක්මීමන හිමි

මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් කොළඹ කොටුව ප්‍රදේශයේදී ඊයේ (08) පැවැත්වුණු උද්ඝෝෂණයක් අතරතුර ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත් අඩංගුවට ගැනීම පොලිසිය විසින් සංවිධානාත්මකව සිදුකළ කුමන්ත්‍රණයක් බවත් වත්මන් ආණ්ඩුවත් භික්ෂු දඩයම ආරම්භ කර ඇති බවත් සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි පවසයි. 

"පොලිසියෙන් එක්කෙනෙක් දාලා ගල් ගහලා අපෙ හාමුදුරුවන්ව අරගෙන ගියා. ඒ කියන්නෙ සම්පූර්ණයෙන්ම මේක කඩාකප්පල් කිරීමේ වෑයමක්. මේ ආණ්ඩුවත් හාමුදුරුවරු අරගෙන ගිහිල්ලා අත් අඩංගුවට අරගෙන මේ වගේ මැරකම් කරනවා නම් අපට ඊට එරෙහිව කටයුතු කරන්න සිද්ධ වෙනවා" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා ප්‍රමුඛ කාර්යයක් ඉටු කළ භික්ෂුවක් වන සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි මේ බව පැවසුවේ ඊයේ කොටුව පොලිසිය විසින් ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත් අඩංගුවට ගෙන රඳවා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka