gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆීලික්ස් ඩයස් නිසා 77 සමගි පෙරමුණ බිද වැටී ආසන 08ට බැස්සා.. අදත් උද්දච්ච ෆීලික්ස් ඩයස්ලා සිටිය හැකියි - විමල්

ස්වදේශිකත්වයට පණ දෙමින් පැවති 70-77 සමගි පෙරමුණ ආණ්ඩුව බිඳ වැටුණේ ෆීලික්ස් ඩයස් අමාත්‍යවරයාගේ උද්දච්ච ක්‍රියාකලාපය බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එවකට ආණ්ඩුවේ සිටි වමේ පක්ෂ එළවා දමා තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට ෆීලික්ස් ඩයස් කල්පනා කළ බවද ඔහු පැවසීය.

අවසානයේ සිදුවූවේ 1977 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 08ට පල්ලම් බැස එක්සත් ජාතික පක්ෂ පාලනයක් බිහි වීම බවද ඇමැතිවරයා සදහන් කලේය.

ෆීලික්ස් ඩයසගේ එම උද්දච්ච හැසිරීම නොවේ නම් සමගි පෙරමුණ ආණ්ඩුව බිඳ නොවැටෙන බවද පැවසූ අමාත්‍යවරයා නූතන දේශපාලනය තුළද ෆීලික්ස් ඩයස්ලා සිටිය හැකි බවත් ඔවුන් හරියට හඳුනාගෙන කල්පනාවෙන් කටයුතු කළ යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.

කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka