gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තාක්ෂණයෙන් ඉහළ ඇමරිකාවටත් බැරි වුණා පෙන්ටගනය බේරගන්න - මෛත්‍රී (VIDEO)

ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණදෙන ප්‍රශ්නයක් බවත් එය මානව සමාජයට අභියෝගයක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
මහා ධන සම්පත් තිබෙන,තාක්ෂණයෙන් ඉහළම,ලෝකයේ බලවත්ම රටේ ආරක්ෂක මුලස්ථානය හෙවත් පෙන්ටගනයට සැප්තැම්බර් 11 එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වූ අතර බින් ලාඩන්ගේ ප්‍රහාරය ඊට සති දෙකකට කලින් ඇමරිකානු බුද්ධි අංශ විසින් දන්වා තිබූ නමුත් ප්‍රහාරය වළක්වා ගැනීමට ඇමරිකාවටත් බැරි වූ බවයි සඳහන් කරන්නේ. 

රට,ජාතිය,භාෂාව,ආගම මේ බෞද්ධ සමාජය,බෞද්ධ රට ආරක්ෂා කර ගැනීම සඳහා සැමවිටම අපි දිවිහිමියෙන් අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද සිරිසේන මහතා අවධාරණය කරයි. 

ලක්දිව විශාලතම බෞද්ධ පුස්තකාලය සදහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුරතින්  අද (06) අතුරුගිරිය, ගල්වරුසාව පාර, යුනිවර්සල් පාර්ක් නිවාස සංකීර්ණ භූමියේ දී සිදු කෙරුණු අතර එම අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වූයේ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka