gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපිට දැන් තියෙන්නේ ප්‍රභාසංස්ලේෂණය හදුන්නනෙත් නැති ආණ්ඩුවක් - සජිත් (VIDEO)

මේ වන විට පරිසරය දඩයම් කරන ආණ්ඩුවක් නිර්මාණය වී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය. ඒ, අද (23) පරිසර විනාශයට එරෙහිව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට සිදුකරන ලද සංකේතාත්මක නිහඬ උද්ඝෝෂණයට සහභාගී වෙමිනි. 

''අද කැළෑ ත්‍රස්තවාදය රජවෙලා. සිංහරාජය,හෝර්ටන්තැන්න,ආනවිලුන්දාව, නිල්ගල රක්ෂිතය යන හැම රක්ෂිතයක්ම මහා විනාශයකට ලක් වෙලා. මේ රටේ ජනතාවට හුස්ම ගැනීමේ අයිතිය තිබෙනවා. හුස්ම ගන්න ඔක්සිජන් තියෙන්න ඕනේ. ඔක්සිජන් නිපදවන්නේ අපේ වනාන්තර පද්ධතිය. මේක ප්‍රභාසංස්ලේෂණය හදුන්නනෙත් නැති ආණ්ඩුවක්.''

ඒ අනුව හෝඩියේ සිටම ඔක්සිජන් නිපදවීම ගැන පාඩම ආණ්ඩුවට ඉගැන්වීමට සිදුව තිබෙන බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ. 

ආණ්ඩුව විසින් සිදුකරමින් තිබෙනකැළෑ ත්‍රස්තවාදය පරාජය කළ යුතු බවද මෙහිදී ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම සංකේත විරෝධතාව ඉතා ශක්‌තිමත් ලෙස පරිසරයට ආදරය කරන බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් හෙට (24) දින පස්වරු 03.00ට විහාර මහා දෙවි උද්‍යානය ඉදිරිපිට දී පැවැත්වීමට සමඟි ජන බලවේගය සැලසුම් කර තිබේ. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka