gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෝට් සිටිය වෙනම රාජ්‍යයක් වන ලකුණු.. මුලික පනත් 7ක් අදාළම නෑ.. සුරාබදු, රේගු, සූදු, විනිමය නීතිත් වෙනස් වෙයි

චීනය විසින් ඉදිකරන කොළඹ වරාය නගරයට අදාළ නීති ඇතුළත් පනත් කෙටුම්පත ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ඒ අනුව මෙම වරාය නගරය පරිපාලනය කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින් පත්කරන “කොළඹ වරාය නගරය ආර්ථික කොමිසම” නම් කොමිසමක් හරහායි.

පස් දෙනෙකුට වැඩි හත් දෙනෙකුට අඩු මෙම කොමිසමේ කාලසීමාව අවුරුදු 3කි. එම වරාය නගරයේ සියලු ආදායම් මෙම කොමිසම යටතේ ඇති විශේෂ අරමුදලකට බැර කෙරෙනවා. රටේ දැනට ක්‍රියාත්මක පනත් 7ක් කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපය තුළට වලංගු නොවන බවත් කෙටුම්පතේ සඳහන්. 

1978 අංක 1 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනත, මහනගර සභා ආඥාපනත, ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථාන පනත, නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත, ක්‍රම උපාය සංවර්ධන ව්‍යාපෘති පනත, පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත එම පනත් 7යි. 

දේශීය ආදායම් පනත, එකතු කළ අගය මත බදු පනත, 2002 සහ 2005 සම්මත කළ මුදල් පනත්, සුරාබදු විශේෂ විධිවිධාන පනත, රේගු ආඥාපනත, වරාය පනත, ඔට්ටු ඇල්ලීම් හෝ සූදු පනත, කම්කරුවන්ගේ රැකියා අවසන් කිරීමේ පනත, විනෝද බදු පනත, විදේශ විනිමය පනත සහ කැසිනෝ ව්‍යාපාර නියාමන පනත මගින් මෙම නගරය නිදහස් කිරීම හෝ දිරිගැන්වීම් ලබාදීමටත් නියමිතයි. 

එසේම මෙහි ස්ථාපනය කෙරෙන ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා වසර 40ක් දක්වා විවිධ සහන ලබාදීමට ද යෝජිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka