gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"සේරම දේපල විකුණලා හරි ජේ.වී.පී එක ඊළඟ ඡන්දෙදී බින්දුවට දානවා" - නිශ්ශංක සේනාධිපති - (video)

මා සතු සේරම දේපල විකුණා හෝ ජනතා විමුක්ති පෙරමුණ මීළඟ මැතිවරණයේදී ජන්ද බින්දුවට දැමීමට කටයුතු කරන බව ඇවන් ගාර්ඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කරයි. තමා ISIS සංවිධානයට උදව් කර නැති බවත් සහරාන්ව තමාට මුණ ගැහි නැති බවත් සඳහන් කරන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ තමා අන්තවාදීන්ට ආයුධ පුහුණුව ලබා දී නැති බවත් ආයුධ ලබා දී නැති බවත්ය.

කිසිම ආකාරයකින් අන්තවාදීන් වෙනුවෙන් මුදල් ලබා දීමක් සිදු කර නොමැති බවත් තමාට ලෝකයේ ඕනෑම රටකට යන්න මේ මොහොතෙත් හැකියාව පවතින බවද ඒ මහතා සඳහන් කරයි.

ශානි අබේසේකර, රිෂාඩ් බදියුදීන්,අසාත්සාලි, හිස්බුල්ලා යන අයගේ නම් මේ කොමිසමේ නැත්තේ කුමන්ත්‍රණයකින් එය ඉවත් කල නිසා බවද සඳහන් කරන සේනාධිපති මහතා වැඩිදුරටත් සඳහන් කලේ තමා නිරෝධායන ශ්‍රමිකයන්ගෙන් හොරා කා නැති බවය.

අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රකාශය තනිකරම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ඒ මහතා මෙම අදහස් පල කලේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka