සීනි බදු අඩු කලේ යහපත් චේතනාවෙන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
බදු අඩු කිරීමේදී යම් අඩුපාඩුවක් වී ඇතැයි පැවසූ ජාඇමති අමරවීර ඉන් ජාවාරම්කරුවන් අනියම් වාසි අත්පත් කරගෙන ඇති බවක් පෙනෙන බවද කියා සිටියේය.
කෑගල්ලේදී මාධ්‍ය වෙත ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
බැදුම්කර වංචාව හා සීනි බදු වංචාව කිසිසේත්ම සමාන නැතැයිද ඒ මහතා තව දුරටත් එහිදී කියා සිටියේය.
