gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ ආණ්ඩුවට ඡන්දය දුන් 69 ලක්‍ෂයම අද ලැජ්ජාවෙන් - කරු ජයසූරිය

ත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් නිසා ආණ්ඩුව බලයට පත් කළ 69 ලක්ෂයක් වූ ජනතාව අද අන් සියලු දෙනාම ට වඩා ලැජ්ජාවට පත්ව සිටින බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි. මේ රටේ වාර්තා වන සියලුම වංචා වලට වඩා බරපතල වංචාවක් සේ සැලකෙන සීනි බදු වංචාව ඇතුළු සියලුම මහා පරිමාණ වංචාවන්ට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට පැමිණ වීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ සාධාරණ සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

කිසිදු බියක් හිරිකිතක් නැතිව මහ දවාලේ සිදු කළ මහා පරිමාණ වංචා කිහිපයක් ගැන අද මුළු රටේම කතාබහට ලක්වන බවත් පැවසූ ඔහු පිරිසුදු මුල්‍ය පාලනයක් ගැන හතර අතේ පොරොන්දු වෙමින් බලයට පත්වූ රජය යටතේ ජනතාව මෙවැනි තත්ත්වයක් සිහිනෙන්වත් බලාපොරොත්තු නොවූ බවද පැවසීය.

සීනි ආනයනයේදී සිදු වූ මහා මංකොල්ලය ගැන පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීමට රජයට කිසිම හැකියාවක් නැති බවද පැවසූ ඔහු එමගින් වංචාවක් සිදු වූ බවට කෝප් කමිටුව, මුදල් කාරක සභාව හා භාණ්ඩාගාරය ද පිළිගෙන ඇති බවත් දැන් විගණකාධිපතිවරයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද තවදුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka