gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය ධිවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් අල්ලන්න අවසර.. බලපත‍්‍ර ක‍්‍රමයක් සූදානම්

න්දීය ධීවරයන්ට සතියකට වරක් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට බලපත්‍රයක් ලබා දීම ගැන සාකච්ඡා වී ඇතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.

අධික මුදලක් අය කරමින් මෙම බලපත්‍රය නිකුත් කරන බවත් ඉන්දු ලංකා ධීවර ගැටළුවට සැළකියුතු විසඳුමක් ඉන් ලැබෙනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදේ මසුන් ඇල්ලීමට බලපත්‍රයක් ලබා දෙන බවට පළවූ වාර්තා ගැන කරුණු පැහැදිලි කරමිනි.

මේ සම්බන්ධයෙන් රාජ තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා වී ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද පැවසූ ඔහු ඉන්දීය ධීවරයන් අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ඉදිරියේ දී ගන්නා බවද සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka