gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය ගැන විමල්, ඩිලාන් ගේ ප්‍රකාශ CIDය නොසලකා හරින්නේ ඇයි?

ශෝක් අබේසිංහ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ගැන රහස් පොලීසිය විමර්ශන සිදුකළ ආකාරයෙන්ම පාස්කු ප්‍රහාරයට අදාලව විමල් වීරවංශ ඇමතිවරයා සහ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු නොකරන්නේ මන්ද යන්න ගැටලුවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී තනි සිංහල-බෞද්ධ බලයක් ගැන කතාකළ වත්මන් පාලකයන්ට මීලඟ ජනාධිපතිවරණයේදී දෙමළ සහ මුස්ලිම් ඡන්ද නොමැතිව බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි බව අවබෝධ කරගෙන ඇති බවත්, ඒ අනුව සුළු ජාතීන්ගේ ඡන්ද දිනා ගැනීමේ අරමුණින් පාස්කු ප්‍රහාර‍යේ සැබෑ වගකිවයුත්තන් සැඟවීමේ උත්සාහයක් දියත් කරමින් සිටින බවත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා චෝදනා කරමින් කියා සිටිනවා

සීනි බදු අඩු කිරීම හරහා රජයට පාඩුවක් වී ඇති බැවින් තවත් විගණනයන් කරමින් කල් නොමැරිය යුතු බවත් මීට සම්බන්ධ පුද්ගලයන් සියල්ලන්ටම එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ ය්‍යි ජනතාව බලාපොරොත්තු වන නමුත් වත්මන් රජය හරහා එය සිදු නොවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka