gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ අනතුරක – ඩි‍ෆෙන්ඩරයත් සමග පුබ්බාර ඔයේ ගසාගෙන යයි

කෘෂිකර්ම අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට අසුව ගසා ගෙන ගොස් ඇතැයි මැදගම පොලිසිය කියයි.

බිබිල මැදගම ප්‍රදේශයේ පැවැති  උත්සව කීපයකට සහභාගී වී ආපසු මොනරාගල දක්වා ගමන් කරමින් සිටියදී අමාත්‍යවරයා මෙම අනතුරට පත්ව තිබේ.

අධිකවර්ෂාවත් සමග පුබ්බාර ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති අතර සපත්තු පාලමෙන් ගමන් කරද්දී ඩිපෙන්ඩර් රථය සමග ඇමැතිවරයා ගසාගෙන ගොස් ඇත.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස මැදිහත් වී අමාත්‍යවරයා ගමන්ගත් වාහනය බේරාගෙන තිබේ.අනතුරින් ඇමැතිවරයාට හෝ කිසිවකුටත් තුවාල සිදුව නැත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka