gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අසාද් සාලිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන කිරීමට පියවර

අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.  අදාළ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඔහුව රඳවා තබාගෙන පාස්කු ප්‍රහාරය සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියමිතව ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර මෙරට නීතිය සම්බන්ධයෙන් අසාද් සාලි මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගතයුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය විසින් අද (16) පෙරවරුවේ සම්මත කරගෙන තිබුණි.

රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පැවසුවේ මෙවැනි අන්තවාදී ප්‍රකාශවලට පියවර නොගැනීම හරහා වත්මන් රජය ද අන්තවාදය සම්බන්ධයෙන් පසුගිය රජය දැරූ ප්‍රතිපත්තියම දරන බව පැහැදිලි වන බවය.

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, "මෙයට වහාම නීත්‍යානුකූලව, රටේ ව්‍යවස්ථානුකූලව දඬුවම් ලබාදිය යුතුයි කියන යෝජනාව තමයි සම්මත වුණේ," යනුවෙන් පවසති.


සාලිගේ වාහනයේ කාර්පට් එක යට පිස්තෝලයක්

අත් අඩංගුවට අසාද් සාලි භාවිත කරමින් සිටි පුද්ගලික වාහනයේ පිටුපස අසුන යට කාපර්ට් එක යට තිබී පිස්තෝලයක් සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට හැකි වී තිබේ.

මෙම පිස්තෝලය බලපත්‍ර සහිත එකක් බව ලියැවිල්ලක් සහිතව අසාද් සාලි විසින් පෙන්නා සිටියත් ගිනි අවිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වන බව විමර්ශන අංශ කියයි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka